Latest News

පිලිපීනය Typhon අවි පද්ධතිය ස්ථානගත කිරීම පිළිබඳ චීනයෙන් ප්‍රකාශයක්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනය අත්තනෝමතික ව Typhon අවි පද්ධතිය ස්ථානගත කරන්නේ නම් ඉන් ලැබෙන අවාසි තුළින් ඍජුව ම එරටට හානි ‍ගෙන දෙනු ඇතැයි චීනය පවසනවා.

එම අවි පද්ධතිය උපායමාර්ගික අවියක් මිස ආරක්ෂිත අවියක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය සඳහන් කළා.

පිලිපීනය ප්‍රකාශ කර ඇත්තේ යුද අභ්‍යාසයක් සඳහා පමණක් එම පද්ධතිය යොදා ගනු ඇති බවයි.

යුද අභ්‍යාසය ඉකුත් සැප්තැම්බර් මාසයේ අවසන් වීමෙන් පසු එය ඉවත් කර ගන්නා බවට ප්‍රතිඥා ලබා දුන්න ද එය එරට ස්ථිරවම ස්ථානගත කිරීමට අපේක්ෂා කරන බවට වාර්තා වනවා.

මෙම ප්‍රකාශය පොරොන්දු බිඳ දැමීමක් බවයි ඇය සඳහන් කරන්නේ.

කලාපීය රටවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන සිය පොරොන්දු අනුගමනය කරමින් හැකි ඉක්මණින් Typhon අවි පද්ධතිය ඉවත් කර ගන්න ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා.

පිලිපීන ජාතිකාරක්ෂක අමාත්‍ය Gilberto Teodoro මහතා පසුගිය 24 වැනිදා සඳහන් කළේ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ දී ඇමරිකාව තම රටේ Typhon අවි පද්ධතිය ස්ථානගත කිරීම යුක්ති සහගත හා නීත්‍යනුකූල වන බවත් විදේශ රටවල විරෝධතා පිළි නොගන්නා බවයි.

ඊට ප්‍රතිචාරයක් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව ඊයේ(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය ප්‍රකාශ කළා.

World News