Latest News

Women’s T20 Asia Cup: අවසන් පූර්ව තරග අද ඇරඹේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එහිදී සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයට එක් වන්නේ රාත්‍රි 7.00ටයි.

ඉන් පෙර පස්වරු 3.00ට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා.

‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට එක්වූ අතර, ‘ඒ’ කාණ්ඩයේදී ඉන්දියාවට පමණක් පරාජය වෙමින් දෙවැනි තැනට පත්වෙමින් පාකිස්තානය මේ තරගයට එක් වුණා.

මේ දෙපිල විස්සයි20 පිටියේදී 19 වරක් හමුව ඇති අතර, ඉන් තරග 8ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී පාකිස්තානය තරග 10ක් ජය ගෙන තිබෙනවා.

අවසන් වරට පසුගිය වසරේ චීනයේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී මේ දෙරට හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක් අත්වුණා.

මේ අතර, ‘ඒ’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙසින් ඉන්දියාවත්, ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් බංග්ලාදේශයත් පළමු තරගයට එක් වනවා.

මේ දෙපිල 2018 ආසියානු කුසලාන අවසන් තරගයේදී එකිනෙකා හමුවූ අතර, එහිදී පළමු වරට ඉන්දියාවට ආසියානු ශූරතාව අහිමි කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

එම වසර හැර මේ දක්වා පැවති සෙසු තරගාවලි හතරේම ශූරතාව දිනා ඇත්තේ ඉන්දියාවයි.

2004 වසරේ ආරම්භවූ මේ තරගාවලිය සිව්වරක් එක්දින තරගාවලියක් ලෙස පැවති අතර, 2012 වසරේ සිට විස්සයි20 ආකෘතියෙන් පැවැත්වෙනවා.

World News