Latest News

චීන සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බවට යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

යුක්රේනයේ අගනුවර වන Kiev හිදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ඊයේ (23) යුක්රේනයේ නව චීන තානාපති Ma Shengkun මහතාගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රිය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්‍රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවද ඔහු සඳහන් කළා.

චීනය හා යුක්රේනය උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුත් රටවල් දෙකක් බවත් චීනය සෑමවිටම දිගුකාලීන දැක්මකින් යුක්රේනය සමග සබඳතාව පිළිබඳව සලකා බලමින් අදාළ සැලසුම් සම්පාදනය කරන බවත් යුක්රේනයේ නව චීන තානාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම චීනය යුක්රේනය සමග එක්ව දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමෙන්, ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

එමෙන්ම චිප්ස් සහ විද්‍යා පනත වැනි නීති මගින් අමරිකාව තමන්ගේම චිප් කර්මාන්තයට සැලකිය යුතු සහනාධාර ලබා දී තිබෙනවා.

එරට අර්ධ සන්නායක සමාගම් ගෝලීය වෙළපොලෙන් ආසන්න වශයෙන් 50%ක් පමණ වන අතර සංසන්දනය කිරීමේ දී චීනයේ නිෂ්පාදිත චිප්, ඇමරිකානු වෙළඳපොල කොටසින් 1.3%ක් පමණක් වනවා.

අමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ මෑත වාර්තාවක් උපු‍‍ටා දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය පැවසුවේ එරටට චීනයෙන් චිප් ආනයනය අමරිකාවේ අපනයනය කිරීමට වඩා සැලකිය යුතු ලෙස අඩු බවයි.

අදාළ කරුණු සහ බහුපාර්ශ්වික නීතිවලට ගරු කරන ලෙසත්, එහි වැරදි භාවිතයන් වහා නතර කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.

විමර්ශනයේ ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරන අතර තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කළා.

World News