Latest News

චාල්ස් රජුගෙන් සම්ප්‍රදායෙන් එහා ගිය නත්තල් දින පණිවුඩයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තුන්වන චාල්ස් රජු සිය නත්තල් පණිවුඩය පටිගත කර ඇත්තේ, දෙසැම්බර් 11 වැනිදා ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානයේදී බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.

රෝහල් දේවස්ථානයක් ලෙස ප්‍රකට එහි සිට රජු සිය නත්තල් පණිවුඩය ලබාදීම, ඔහුගේ පිළිකා ප්‍රතිකාර සංකේතවත් කරන්නක් ද වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම අවස්ථාව සම්ප්‍රදායෙන් මිදුණු ස්වරූපයක් ගනු ඇති.

76 හැවිරිදි රජු පෙබරවාරි මාසයේදී හෙළි කළේ තමා පිළිකාවක් සමඟ පොරබදමින් සිටින බවත් අප්‍රේල් මාසයේදී නැවත රාජකාරි කටයුතුවල නියැලෙන බවයි.

මේ වන විට රජුගේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බකිංහැම් මාලිගය සඳහන් කර තිබුණේ, ප්‍රතිකාර ධනාත්මක දිශාවකට හැරෙමින් ඇති බවයි.

වාර්ෂික සම්ප්‍රදායන් අතර මුල්තැන ගන්නා රාජකීය නත්තල් දින පණිවුඩය සාමාන්‍යයෙන් පටිගත කරනු ලබන්නේ, බකිංහැම් මාලිගයේ හෝ වින්ඩ්සර් මාලිගයේදීයි.

නමුත් රජතුමා මේ වසරේ පණිවුඩය රූගත කිරීමට තෝරාගෙන ඇති මධ්‍යම ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානය, 1924 දී කඩා දැමීමට පෙර රෝහල් දේවස්ථානයක් ලෙස ප්‍රකට වූවක්.

World News

Send your contact Details Today