Latest News

බෙන් ස්ටොක්ස්ට, මාස තුනක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස තුනක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ දී ඔහුගේ වම් පදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බවයි වාර්තා වුණේ.

මෙම ආබාධ තත්ත්වයත් සමඟ ඔහු සැත්කමකට ලක් කිරීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහුගේ මෙම ආබාධ හේතුවෙන් ඔහුට ටරගවලි කිහිපයක් අහිමිව යන අතර, පෙබරවාරියේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා ඔහුව නම්කර නොමැති බව සඳහන්.

බෙන් ස්ටොක්ස් මෙම වසරේ අගෝස්තු මාසයේ දී ද දරුණු ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවන් මස 02ක කාලයක් ඔහුට ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටින ලෙසට වෛද්‍ය නිර්දේශ ලැබී තිබුණා.

මේ අතර ආබාධත් සමඟ බෙන් ස්ටොක්ස්ට සිය නිල X ගිණුමට විශේෂ සටහනක් ද එක්කර තිබුණා.

World News

Send your contact Details Today