Latest News

වසර 50,000ක් පැරණි මැමත් පැටවෙකුගේ දේහයක් සයිබීරියාවෙන් සොයාගනී (VIDEO)

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ හිමවල තිබී වසර 50,000ක් පමණ පැරණි මැමත් පැටවෙකුගේ දේහයක් රුසියානු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් පවසන්නේ “යානා” ලෙස එම සිරුර නම් කර ඇත්තේ, එය සොයාගත් ගංගා ද්‍රෝණිය අනුව බවයි.

කිලෝග්‍රෑම් 100ට (රාත්තල් 15) වඩා බරින් යුක්ත, සෙන්ටිමීටර 120ක් (අඩි 4) උස සහ සෙන්ටිමීටර 200ක් දිග යානා මිය යන විට ඇයගේ වයස අවුරුදක් පමණ වූ බවට ගණන් බලා තිබෙනවා.

“යානා” ලොව විශාලතම නිත්‍ය හිම (ස්ථිරවම ශීත කළ භූමිය) ආවාටය අවට ජීවත් වන පුද්ගලයිනුයි සොයා ගෙන ඇත්තේ.

මෙම මැමත් සිරුර සම්පූර්ණයෙන්ම පාහේ දියවී ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

මැමත්ගේ සිරුර බොහෝ විට පක්ෂීන් හෝ වෙනත් සත්ත්වයින් විසින් අනුභව කර ඇති නමුත් හිස කැපී පෙනෙන ලෙස හොඳින් සංරක්ෂණය කර තිබෙනවා.

කෞතුකාගාර පර්යේෂකයෙකු පවසා ඇත්තේ, මැමත් වගුරු බිමක බොහෝ විට සිරවී ඇති බවත්, ඒ අනුව වසර දස දහස් ගණනක් සංරක්ෂණය වී ඇති බවයි.

යානාව යකුට්ස්ක් හි ඊසානදිග ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනය කරමින් සිටින අතර, යානා කවදා මිය ගියාද යන්න තහවුරු කිරීම සඳහා විද්‍යාඥයින් පරීක්ෂණ පවත්වනවා.

World News