Latest News

ස්ලෝවැක් අගමැති, පුටින් හමුවෙයි

Published 11 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්ලොවැකියාවේ අගමැති රොබට් ෆිකෝ, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා සඳහා මොස්කව් වෙත හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

වසර තුනකට පෙර යුක්‍රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු නායකයා හමුවූ තුන්වන බටහිර නායකයා ඔහුයි.

රුසියානු යුද්ධයේදී, යුක්‍රේනයට යුරෝපා සංගමයේ සහයෝගය ලබාදීම පිළිබඳ අගමැති ෆිකෝ වාචික විවේචකයෙක් වනවා.

කෙසේ වෙතත් ස්ලෝවැකියාව රඳා පවතින රුසියානු ගෑස් සැපයුම් පිළිබඳව සාකච්ඡා කිරීමටයි ඔහු මෙලෙස රුසියානු ජනපතිවරයාව හමුවී ඇත්තේ.

යුක්‍රේනය හරහා ස්ලෝවැකියාවට බලශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා රුසියානු ගෑස් දැවැන්තයෙකු සමඟ ඇති කරගත් ගිවිසුමක් මෙම වසර අවසානයේදී කල් ඉකුත් වීමට නියමිත බව සඳහන්.

ලොව අවධානය දිනාගත් තම රුසියානු ගමන සහ එහි අරමුණ පිළිබඳව ඉහළම යුරෝපා සංගම් නිලධාරීන්ට පසුගිය සිකුරාදා දැනුම් දෙන ලද බවත් ෆිකෝ සිය ෆේස්බුක් ගිනුමේ සටහන් තබා තිබෙනවා.

World News