Latest News

ජනප්‍රිය නළුවෙකුගේ නිවසට ප්‍රහාරයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පුෂ්පා 02 චිත්‍රපටිය තිරගත වූ දිනයේ ඇති වූ තෙරපීමකින් රේවති නමැති කාන්තාවන් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.

ඇයගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර මේ වනවිට ඔහුගේ මොළය අක්‍රීය වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සහ එම පවුලට කෝටියක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා එම සිසුන් විසින් නළු අල්ලු අර්ජුන්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් නිවසේ තාප්පය මතට නැග නිවාස අලංකරණය සඳහා තිබූ මල් පෝච්චි විසි කර නිවසට ගල්වලින් පහරදී ඇති බව සඳහන්.

විරෝධතාවයේ නිරත වූ සිසුන්ව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි, ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News

Send your contact Details Today