Latest News

ඊශ්‍රායලයෙන්, ගාසා තීරයේ ආරක්ෂිත කලාපයට එල්ල කළ ප්‍රහාරවලින් 50 දෙනෙකු ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ආරක්ෂිත කලාපයට එල්ල කළ ප්‍රහාර වලින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ අල්-මාවාසි හි රෝහල්, පාසල් හා නිවාස ඇතුලත් ආරක්ෂිත කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඉන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගියා.

ඒ අනුව ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර උතුරු ගාසා තිරයේ කමල් ඇඩ්වාන් රෝහලේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔක්සිජන් හා ඉන්කියුබේටර් අවශ්‍ය ළදරුවන් ඇතුළු සිවිල් වැසියන් 400කට ආසන්න සංඛ්‍යාවක් රෝහල තුළ රැඳී සිටින බැවින් රෝහලින් ඉවත්වීමේ ඊශ්‍රායල නියෝගයට අවනත වීම කළ නොහැකි දෙයක් බවයි.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට පලස්තීනුවන් 45,259 ක් මිය ගොස් 107,627 ක් තුවාල ලබා සිටිනවා.

World News

Send your contact Details Today