Latest News

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීරයේ එකම පවුලක ළමුන් 7 දෙනෙකු ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් එකම පවුලක ළමුන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නරක අතට හැරෙන ජීවන තත්ත්වයන් මධ්‍යයේ ඊශ්‍රායලය බෝම්බ හෙලීමේ ව්‍යාපාරය දිගටම කරගෙන යාම නිසාවෙන්, ගාසා තීරය ‘සොහොන් පිටියක්’ බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරයෙන්, ළමුන් 7 දෙනා ඇතුළුව එම පවුලේ සාමාජිකයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තීන සිවිල් ආරක්ෂක ගලවාගැනීමේ ඒජන්සිය වාර්තා කරන්නේ.

එම ගුවන් ප්‍රහාරයෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවත් සඳහන්.

World News

Send your contact Details Today