Latest News

යුක්‍රේන ගැටළුව තවදුරටත් උත්සන්න කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බවට චීනයෙන් ඉල්ලීමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන ගැටළුව තවදුරටත් උත්සන්න කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසනවා.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (20) පැවති යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳ රැස්වීමකදීයී.

ඇමරිකාව අර්ථ විරහිත චෝදනා එල්ල කිරීම නතර කර, චීනය ඇතුළු රටවල් සමග දේශපාලන ක්‍රමයෙන් යුක්‍රේන අර්බුදය විසඳීම ප්‍රවර්ධනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ඔහු පැවසුවා.

කලාපීය ආරක්ෂාව සහතික කිරීමේ මුවාවෙන් ඇමරිකාව සෙසු රටවල බලය අඩු කිරීමට උත්සාහ කරමින් සිටින අතර, එය ‍ලෝකයට වඩා වැඩි ගැටළු ඇති කරනු ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එරට සීතල යුද මානසිකත්වය හා ඒකපාර්ශ්වීය ප්‍රතිලාභ ලබා ගත හැකිය යන මතයන් බැහැර කළ යුතුයි.

එමෙන්ම යුක්‍රේන අර්බුදය මගින් සිය භූ දේශපාලන උපායමාර්ග ඉටු කර ගැනීමේ උත්සාහය අත්හැර, යුරෝපා මහාද්වීපයේ යළි සාමය හා ස්ථාවරත්වය ඇති කිරීම සඳහා අවංකව කැප විය යුතු බව Geng Shuang මහතා අවධාරණය කරනවා.

World News

Send your contact Details Today