Latest News

Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණයෙන් සඳේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබාගනියි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන විද්‍යාඥයින් Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණය කොට පළමු වරට චන්ද්‍රයාගේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබාගෙන තිබෙන බව චීන විද්‍යා ඇකඩමිය සඳහන් කරනවා.

එමඟින් මධ්‍ය චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍රයේ පරිණාමය පිළිබඳ සම්පූර්ණ දත්ත ලබාගත හැකි ඇති අතර, එහි පරිණාමය අධ්‍යයනය කිරීමට සහ ” චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍ර උත්පාදක යන්ත්‍රය” ගවේෂණය සඳහා වැදගත් පදනමක් සපයනවා.

මෙම ප්‍රතිඵලය බෙයිජිං වේලාවෙන් 20 වනදා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන “නේචර්” හි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වසරේ ජුනි මාසයේදී, චීනය සිය Chang’e-6 මෙහෙයුම ප්‍රථම වරට චන්ද්‍රයාගේ පිටුපස කොටසේ සාම්පල ලබාගැනීම සම්පූර්ණ කළ අතර, වටිනා සාම්පල ග්‍රෑම් 1,935.3ක් ආපසු ගෙන එනු ලැබුවා.

එම සාම්පල ලබාගත් ස්ථානය චන්ද්‍රයාගේ පිටුපසේ එයිට්කන් දකුණු ධ්‍රැවය ද්‍රෝණියේ ඇපලෝ ආවාටයේ පිහිටා තිබෙනවා.

එය චන්ද්‍රයාගේ පිටුපස පර්යේෂණ සිදුකිරීමට දුර්ලභ අවස්ථාවක් හිමි කර තිබීම වඩා වැදගත් වී තිබෙනවා.

World News

Send your contact Details Today