Latest News

යුක්‍රේන යුද්ධයෙන් උතුරු කොරියා සොල්දාදුවන් 100ක් ජීවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙසැම්බර් මස මුලදී යුක්‍රේන යුද්ධයෙන් උතුරු කොරියා සොල්දාදුවන් සියයක් පමණ මිය ගිය බව දකුණු කොරියාව පවසනවා.

රුසියා පාර්ශවයෙන් සටනට පිවිසි උතුරු කොරියා සොල්දාදුවන් සියයක් මිය ගොස් දහසක් තුවාල ලබා ඇති බවයි දකුණු කොරියා ජාතික ඔත්තු සේවය එරට පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත්තේ.

තුවාල ලැබුවන් අතර ඉහළ පෙළේ නිලධාරීන් ද සිටින බව සඳහන්.

උතුරු කොරියා භට පිරිස්වලට භූමි ප්‍රදේශ සහ ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ දැනුමක් නොමැති වීම ඊට හේතුව බව ද එම වාර්තා සඳහන් කරනවා.

රුසියා හමුදාවන්ට සහාය වීම සඳහා උතුරු කොරියාව හමුදා භටයන් දසදහසක් යොදවා ඇති බව පසුගිය ඔක්තෝබර් මාසයේ දී හෙළිවුණා.

World News

Send your contact Details Today