Latest News

රුසියානු ජනාධිපතිවරයා වසර අවසාන ජාතිය ඇමතීමට සූදානමක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, වාර්ෂිකව පවත්වනු ලබන වසර අවසාන ජාතිය ඇමතීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වෙනුවෙන් රුසියානු ජනතාව ක්‍රෙම්ලිනයේ නායකයාට පසුගිය දින ගණනාවක් තිස්සේ ප්‍රශ්න යොමු කර ඇති බව සඳහන්.

ඊට භාණ්ඩ මිල ඉහළ යාම වැනි දේශීය ගැටළු සහ ගෝලීය කටයුතු දක්වා පැතිරුණු විෂය කරුණු ඇතුලත්වඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ සෙයින් පැහැදිළි පිටපතක් අනුව සිදුවන මෙම ජාතිය ඇමතීම රුසියානු රාජ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ජනපති පුටින්ට මෙය ඉතා වැදගත් කටයුත්තක් වන අතර රට භාරව ඇත්තේ කාහටද යන්න ජනතාවට මතක් කිරීමක් ලෙස ඔහු මෙම ජාතිය ඇමතීම සලකන බව සඳහන්.

පසුගිය වසරේ පැවති මෙම වසර අවසාන ජාතිය ඇමතීම පැය 04 ක් පුරා පවත්වා ඇති අතර, යුක්‍රේනය වගකීම භාරගත් මොස්කව්හි වීදියකදී ඉහළ පෙළේ රුසියානු ජෙනරාල්වරයෙකු ඝාතනය කර දින කිහිපයකට පසුව සිදු කිරීම විශේෂත්වයක්.

World News