Latest News

හඳුනානොගත් අභ්‍යවකාශ වස්තූන් මාසයක සිට අමෙරිකාව කළඹයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තය ඇතුළු ස්ථාන රැසක රාත්‍රී අහසේ මාසයකට වැඩි කාලයක සිට හඳුනානොගත් අභ්‍යවකාශ වස්තූන් නිරීක්ෂණය වනවා.

එම වස්තූන් කිහිපයක් පසුගියදා වොෂින්ටන් ඩීසී අගනුවරදී මෙන්ම නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් ද නිරීක්ෂණය වුණා.

අසාමාන්‍ය ලෙස දිස්වන මේ වස්තූන් මොනවාද යන්න පැහැදිලිව අනාවරණ කිරීමට අමෙරිකානු ආරක්ෂක අමාත්‍යංශය පවා සමත්ව නැහැ.

ඔවුන් පවසා ඇත්තේ මේ වස්තූන් විදෙස් රටවලට අයත් ඩ්‍රෝන යානා නොවන බව පමණයි.

මෙම වස්තූන් මොනවාද යන්න ජනතාවට දැනුම්දීමේ වගකීම අමෙරිකානු ආරක්ෂක අංශ සතුව ඇතැයි තේරීපත්ව ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

World News

Send your contact Details Today