ඉන්දියාවේ මගී ප්‍රවාහන යාත්‍රාවක්, එරට නාවික හමුදා බෝට්ටුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබුණා.
අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වනවා.
නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.