ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රේණිගත කරනු ලබන පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතියේ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉතිහාසයේ පළමු වරට කොදෙව් ක්‍රීඩකයෙකු මුලසුන අත්පත් කරගෙන තිබෙනවා.
ඒ ඊයේ (18) දින සිදු කරන ලද නවතම T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අකීල් හොසේන් (Akeal Hosein) එංගලන්තයට එරෙහිව පසුගියදා ලුසියා හි දී නිමාවට පත් වූ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා මීට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
අකීල් මීට පෙර සිටියේ සිව්වැනි ස්ථානයේයි.
ඒ අනුව අකීල් නවතම දක්ෂතාවලින් ස්ථාන 03ක් ඉදිරියට පැමිණෙමින් මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන තිබෙනවා.
අකීල් හොසේන් ප්‍රසාද ලකුණු 707ක් හිමිකරගෙන ඇති අතර මෙම ලැයිස්තුවේ දෙවැනි හා තෙවැනි තැන අදිල් රෂීඩ් (එංගලන්තය) සහ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට හිමි ව තිබෙනවා.
වනිඳු නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක් අඩියක් පසුපසට පැමිණ තිබෙනවා.
මේ අතර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි සිය සගයා ව අබිබවා යන්නට යළිත් එංගලන්තයේ ජෝ රූට් සමත් වුණා.
තමන් කාලයක සිට රඳවාගත් මුලසුන පසුගියදා නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී හැරී බෘක් විසින් දිනා ගනු ලැබුවා.
නමුත් යළිත් ජෝ රූට් සිය සුපුරුදු මුලසුන ලබාගැනීමටයි අද දින සිදු කර ඇති නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලින් සමත් ව ඇත්තේ.