සිරියාව ලෝකයට තර්ජනයක් නොවන බව එහි කැරළි නායක අහමඩ් අල් ෂාරා පවසා තිබෙනවා.
සිරියාවේ වත්මන් නායක අහමඩ් අල් ෂාරා පවසා ඇත්තේ රට යුද්ධයෙන් හෙම්බත්වී ඇති බවයි.
එය අසල්වාසීන්ට හෝ බටහිරට තර්ජනයක් නොවන බව ද ඔහු පවසා තිබෙනවා.
BBC සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අල් ෂාරා තවදුරටත් පවසා ඇත්තේ පැරණි පාලනය ඉලක්ක කර ගෙන සිරියාවට පනවා ඇති සියලු සම්බාදක දැන් ඉවත් කළ යුතු බවයි.
වින්දිතයාට හා පීඩකයාට එකම ආකාරයකින් නොසැලකිය යුතු බව ද ඔහු පවසා තිබෙනවා.
ග්‍රෝතික සමාජයක් සහිත ඇෆ්ගනිස්තානයේ අනුවාදයක් බවට සිරියාව පත්කිරීමට අවශ්‍ය නොවන බවයි ඔහු පවසා ඇත්තේ.
කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු අතර දැනටමත් විශ්වවිද්‍යාලවල කාන්තා ප්‍රතිශතය 60%කට වැඩි බවත් අල් ෂාරා පවසා තිබෙනවා.
මීට සති දෙකකට පෙර බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා සිරියාවේ නව පාලනයට නායකත්වය දුන්නේ අහමඩ් අල් ෂාරායි.