Latest News

රුසියා හමුදා ජෙනරාල්ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මොස්කව් හිදී හමුදා ජෙනරාල්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුසියාව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්කූටරයක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇටවූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මොස්කව්හිදී රුසියා හමුදාවේ ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් සහ ඔහුගේ සහායකයා ඝාතනයට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් උස්බෙකිස්තානයේ 29 හැවිරිදි තරුණයෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව රුසියා ආරක්ෂක සේවය පවසනවා.

ඝාතනයට ලක්වූ ජෙනරාල් ඉගෝර් කිරිලොව් එරට න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක, රසායනික ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙසයි කටයුතු කළේ.

රුසියානු ආරක්ෂක සේවය පැවසුවේ සැකකරු යුක්රේන බුද්ධි අංශ විසින් බඳවාගත් අයෙකු බවයි.

යුක්රේනය පසුගියදා 54 හැවිරිදි කිරිලොව්ට චෝදනා කළේ තහනම් රසායනික අවි විශාල වශයෙන් භාවිතා කර රුසියාව සිදු කරන ප්‍රහාර වලට ඔහු වගකිව යුතු බවයි.

World News

Send your contact Details Today