Latest News

රුසියානු න්‍යෂ්ටික අවි ප්‍රධානියාගේ ඝාතනය පිටුපස සිටින අය ගැන හෙළිදරව්වක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂණ බලකායන් භාරව සිටි හමුදා ප්‍රධානී ලු‍තිනන් ජනරාල් අයිගෝර් කිරිලොව්ගේ ඝාතනය පිටුපස යුක්රේන ආරක්ෂක අංශ සිටින බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය හමුදා ප්‍රධානියා සිය සහයකයා සමඟ ඔහු රැදී සිටි මහල් නිවසින් පිටතට පැමිණෙන අවස්ථාවේ අසළ නවතා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු යතුරු පැදියක් පුපුරුවා හැරීමෙන් මෙම ඝාතනය සිදු කරනු ලැබුවා.

ඊට සම්බන්ධ වූවන් දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් මෙම පුපුරුවාහැරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලු‍තිනන් ජනරාල් අයිගෝර් කිරිලොව් රුසියා – යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු සටන් කලාපයෙන් පිටත ඝාතනයට ලක්වූ රුසියාවේ ජ්‍යෙෂ්ඨම හමුදා නිලධාරීයා ද වනවා.

World News

Send your contact Details Today