2021 වසරේ සිට ගතවූ කාලය ඇතුළත චීන ජාතිකයන් 20 දෙනකු පාකිස්තානයේදී ඝාතනයට ලක්වී තිබෙන බවත්, තවත් චීන ජාතිකයන් 34 දෙනකු තුවාල ලබා සිටින බවත් එරට ජාතික ත්‍රස්ත විරෝධී අධිකාරිය පාර්ලිමේන්තු රැස්වීමකදී ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය වසර 3 ඇතුළත චීන ජාතිකයන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර 14ක් සිදුවූ බවත් ත්‍රස්ත විරෝධී අධිකාරියේ ප්‍රධානි කර්නල් උස්මාන් සඳහන් කර තිබෙන බවයි පාකිස්තාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
එම ප්‍රහාරවලින් 8ක් සින්ද් ප්‍රාන්තයේ සිදුවී ඇති අතර, බලුකිස්තානයේදී ප්‍රහාර 4ක් ද, කයිබර් පක්ටුන්ක්වා ප්රාන්තයේදි ප්‍රහාර 2ක් ද සිදුවූ බව ජාතික ත්‍රස්ත විරෝධී අධිකාරියේ ප්‍රධානියා තහවුරු කර තිබෙනවා.
චීන ආයෝජන යටතේ පාකිස්තානයේ විවිධ ප්‍රාන්තවල සිදුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා සිටින චීන ඉංජිනේරුවරුන් සහ කම්කරුවන් ඉලක්ක කරමින් ත්‍රස්ත ප්‍රහාර අඛණ්ඩව සිදුවීමෙන් චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පාකිස්තාන හමුදාව අසමත්වූ බව පෙන්නුම් කරන බවත්, පාකිස්තානයේ චීන සංවර්ධන ව්‍යාපෘති විරෝධී ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවට ද බලපෑම් එල්ල වී ඇති බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.
එම අයෝජන ව්‍යාපෘති සඳහා සේවය කිරීමට පැමිණි චීන ජාතිකයෝ 20,000ක් පමණ පාකිස්තානයේ තාවකාලිකව පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.