ඊයේ (17) දිනයේදී වනවාටු හි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයත් සමග ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇතිව තිබෙනවා.
ඒ හේතුවෙන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිනවා.
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් ඇමරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ නවසීලන්තයේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලි රැසකටද හානි සිදු වුණා.
මේ වනවිට පෝට් විලා අගනුවර විදුලිබල හා දුරකථන සේවා ද ඇනහිට තිබෙනවා.
භූමිකම්පාවේ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 116,000ක් පීඩාවට පත් ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ.