Latest News

ඉන්දියාවේ කාශ්මීරයට කාලගුණයෙන් දැඩි බලපෑම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධික ශිත කාලගුණයෙන් කාශ්මිරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කාශ්මිරයේ ශ්‍රී නගර් ප්‍රදේශයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සටහන් වුයේ සෙල්සියස් අංශ සෘණ 3.4ක් ලෙසයි.

එමෙන්ම ගුල්මාච් ප්‍රදේශයෙන්ද අඩුම උෂ්ණත්වයක් වාර්තා වූ අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 4ක් බව ද සඳහන්.

පහාල්ගම් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක සෘණ 5ක් හා කොනිබල් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක සෘණ 6ක උෂ්ණත්වයක් සටහන් වූ බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම මස 26 වන දින තෙක් ශිත වියළි කාලගුණයෙන් කාශ්මිරයට දැඩි බලපෑම් එල්ල විය හැකි අතර හිම පතනයන් ද සිදුවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව තවදුරටත් පවසනවා.

World News

Send your contact Details Today