Latest News

වසර 20කට පසු වනුවාටු රාජ්‍යයට දැවැන්ත භූ කම්පනයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕෂනියා රාජ්‍යයේ, වනුවාටු අනු රාජ්‍යයට දරුණු භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

අද (17) මෙම භූ කම්පනය සිදු ව ඇති අතර එහි රික්ටර් මාපකය දැක්වෙන්නේ 7.3ක් ලෙසයි.

මෙම භූ කම්පනයෙන් ගොඩනැගිලි බොහොමයක් බිමට ම සමතලා වී ඇති බවයි වාර්තා වන්නේ.

වනුවාටු කුඩා රාජ්‍යයේ අගනුවර වන පෝට් විලා අසල කොටසට මෙය හටගෙන ඇති අතර නායයෑම් සමග බටහිර තානාපති කාර්‍යාල කිහිපයක් පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් ද විනාශයට පත් ව තිබෙනවා.

රට පුරා විදුලිය සහ ජංගම දුරකථන ජාල විසන්ධි වී තිබෙන බවත් BBC පුවත් සේවය වාර්තා කරනවා.

තොරතුරු වාර්තා වන පරිදි එක් මරණයක් හෝ සිදු වන්නට ඇතැයි සැක කෙරෙන අතර මෙතෙක් එරට රජය ඒ පිළිබඳ ව නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

පෝට් විලා හි මාධ්‍යවේදියෙකු වන ඩෑන් මැක්ගරී පැවසුවේ රෝහල් හි වාට්ටු සංකීර්ණවල බරපතළ තුවාල ලැබූවන් තමන් දුටු බවයි.

වසර 20කට පසු වනුවාටු රාජ්‍යයට බලපෑ දැවැන්තම භූ කම්පනය ද මෙය වනවා.

World News

Send your contact Details Today