33 වැනි ඔලිම්පික් ක්රීඩා තරගාවලිය සඳහා ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.
ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
මේ වනවිට ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වන මළළ ක්රීඩකයින් තිදෙනකු, පිහිනුම් ක්රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්රංශය බලා පිටත්ව ගොස් ඇති බවයි ශ්රී ලංකා මළළ ක්රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසුවේ.