Latest News

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් විශ්වාසභංගයෙන් පරාජයට පත් වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් එරෙහිව ඉදිරිපත් කෙරුනු විශ්වාසභංගයෙන් ඔහු පරාජයට පත්ව තිබෙනවා.

ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස්ටර් විශ්වාසභංගයෙන් පරාජයට පත්වීමත් සමඟ ලබන වසරේ පෙබරවාරි මාසයේ අගභාගයේ දී එරට හදිසි මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබෙනවා.

ජර්මන් චාන්සලර්වරයාට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝගයෙන් ඔහු පරාජයට පත්වනු ඇති බවට අනාවැකි පළ වුව ද පාලක පක්ෂය ප්‍රතිසන්ධාන කිරීමට මෙය හොඳම අවස්ථාව ලෙසයි චාන්සලර්වරයා පෙන්වා දුන්නේ.

සභාග රජයට සහාය ලබාදුන් පක්ෂ මීට මාස දෙකක පමණ පෙරදී ඉන් ඉවත් වීමත් සමග ජර්මානු රජය බිඳ වැටීමට ලක්වූවා.

ජර්මනියේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දීයි.

කෙසේ වුව ද කඩා වැටීමට ලක්ව ඇති එරට ආර්ථිකය හා ගෝලීය අර්බුදය හමුවේ ජර්මනියේ දේශපාලනය දැඩි අස්ථාවරත්වයට මුහුණ දී සිටිනවා.

World News

Send your contact Details Today