Latest News

මත්පැන් විෂ වීම හේතුවෙන් ෆීජි හි නිවාඩු නිකේතනයක සිටි සංචාරකයන් 7දෙනෙකු රෝහලට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මත්පැන් විෂ වීම හේතුවෙන් ෆීජි හි සංචාරකයන් 7දෙනෙකු රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆීජි හි තරු පහේ නිවාඩු නිකේතනයක රැඳී සිටි විදේශිකයන් හත් දෙනෙකු කොක්ටේල් පානය කිරීමෙන් පසුවයි මෙසේ රෝහල් ගත කර ඇත්තේ.

ඉන් සිව් දෙනෙකු ඕස්ට්‍රේලියානු සංචාරකයින් වන අතර, ඔවුන් වයස අවුරුදු 18 ත් 56 ත් අතර පසුවන්නන්.

තවත් එක් අයෙකු අමරිකානුවෙකු වන අතර සෙසු දෙදෙනා ෆීජි හි වෙසෙන විදේශිකයන් බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඔක්කාරය, වමනය හා ස්නායු ආබාධ සම්බන්ධ රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔවුන් රෝහල්ගත කෙරුණා.

ගිනිකොනදිග ආසියාතික රාජ්‍යක් වන ලාඕසයේදී මෙතනෝල් විෂවීමක් හේතුවෙන් සංචාරකයින් හය දෙනෙකු මියයාමෙන් සති කිහිපයකට පසුවයි මෙම සිදුවීම ෆීජි රාජ්‍යයෙන් වාර්තා වන්නේ.

World News

Send your contact Details Today