සුඩානයේ එල්-ෆාෂර් වෙත එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් 38 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සුඩානයේ ආර්එස්එෆ් කැරලිකරුවන් උතුරු ඩාර්ෆූර් වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මිසයිල හතරක් පමණ එල්ල වූ බව විදෙස් වාර්තාවල සඳහන්.
මේ අතර එම නගරයේ සෞදි රෝහලට එල්ල වූ තවත් ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩහනෝම් එක්ස් සටහනක් මඟින් පෙන්වා දෙන්නේ සුඩානය පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර ඛේදනීය බවයි.
සුඩානයේ ආර්එස්එෆ් කැරලිකරුවන් හා රජයේ හමුදාව පසුගිය වසරේ අප්රේපල් සිට ගැටුම් වල නිරත වනවා.
මිලියන 11 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් අවතැන් ව සිටිනවා.