Latest News

දකුණු කොරියා ජනපතිට එරෙහි නඩුව විභාගය ආරම්භ කරයි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා අධිකරණය යූන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හා රට දේශපාලන අවුල්කාරී තත්ත්වයකට ඇඳ දැමීම හේතුවෙන් වැඩ තහනමට ලක් වූ ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගය සඳහා නඩු විභාගය දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් අතර යූන් ධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන් කරමින් විරෝධතා පළ කළා.

කෙසේ වෙතත් යූන් ඉවත් කරනවා ද නැතහොත් යළි සේවයේ පිහිටුවනවා ද යන්න තීරණය කිරීමට අධිකරණයට මාස හයක කාලයක් ලැබී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යූන්ගේ පාලක පීපල් පවර් පක්ෂයේ නායකයා ද ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කළා.

මෙම නඩු විභාගය සඳහා මාස කිහිපයක් ගත විය හැකි අතර දේශපාලන අවිනිශ්චිතතාවයට තිත තැබීමට අධිකරණයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මීට පෙර දකුණු කොරියානු ජනාධිපතිවරයෙකුට දෝෂාභියෝගයකට මුහුණ දුන් අවස්ථා දෙකේදීම අධිකරණය එක් තීන්දුවක් පක්ෂව හා අනෙක විපක්ෂව ලබා දුන්නා.

World News