Latest News

බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර්වාර පාලන රජයක් යටතේ ක්‍රියාත්මක වන බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

අන්තර්වාර පාලන රජයේ නායක නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් ඒ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැතිවරණ ප්‍රතිසංස්කරණයක් සිදුකළහොත් ලබන වසර අවසන් වන විට බංග්ලාදේශයේ මැතිවරණය පැවැත්විය හැකි බව එරට අන්තර්වාර රජයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා.

රට තුළ ඇති වූ විරෝධතා හමුවේ එවකට අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියාවට පලා ගියා.

ඉන් අනතුරුවයි බංගලාදේශය තුළ මුහම්මද් යුනුස් ප්‍රමුඛ අන්තර් පාලනය බිහිවුණේ.

World News

Send your contact Details Today