Latest News

ප්‍රකට රූපවාහිනී නාලිකාවකින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැවැන්ත වන්දියක් පිරිනැමීමට එකඟ වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තේරීපත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැවැන්ත වන්දියක් පිරිනැමීමට ලෝකප්‍රකට ABC පුවත් නාලිකාව එකඟ වී තිබෙනවා.

ඒ ඔහුට එරෙහිව අසත්‍ය ප්‍රකාශ වාර්තා කළ බවට අධිකරණයේ පැවති නඩුවක් සමථයට පත්කරගැනීමටයි.

ඒ අනුව ඔවුන් ට්‍රම්ප් වෙත ලබාදීමට එකඟව ඇති වන්දිය අමෙරිකානු ඩොලර් මිලියන 15ක්.

පසුගිය මාර්තු 10 වනදා පැවති රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ජෝර්ජ් ස්ටෙෆනොපොලිස්, ට්‍රම්ප් යනු ස්ත්‍රී දූෂණයට වගකිව යුතු අයෙක් බවට අපරික්ෂාකාරීව ප්‍රකාශ කර තිබුණා.

වන්දියට අමතරව ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුව පළකරන විශේෂ ප්‍රකාශයක් ද ABC නාලිකාවේ විකාශ කිරීම නියමිතයි.

World News

Send your contact Details Today