Latest News

ඉරානයෙන් හිජාබයට දැඩි නීති

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රජය කාන්තාවන් හිජාබ් භාවිතය සම්බන්ධයෙන් නව නීති පනවා තිබෙනවා.

නව නීති අනුව හිජාබ් සම්බන්ධ ඇතැම් වැරදි සඳහා මරණීය දණ්ඩනය පවා නියම කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඉරානයේ ගාඩියන් කවුන්සිලය පසුගිය ඔක්තෝබර් මාසයේ දී හිජාබ් සම්බන්ධයෙන් නව නීති අනුමත කරන ලද අතර දෙසැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කිරීම සඳහා රජයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඉස්ලාමීය ජන රජයේ පාරිශුද්ධත්වය හා හිජාබ් සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම මගින් පවුල් සංස්ථාවට සහයෝගය දැක්වීම සඳහා නව නීති හදුන්වා දුන් බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

නව නීති හරහා හිජාබ් සම්බන්ධ වැරදි සඳහා දඩ පැනවීම ,වෙඩි තැබීම, පහරදීම සහ ඒවාට අනුගත නොවන කාන්තාවන් හා ඔවුන්ගේ පාර්ශ්වකරුවන් සිරගත කිරීම සිදුකළ හැකි වනවා.

කෙසේ වුවද හිජාබ් සම්බන්ධයෙන් පනවා ඇති නව නීති අවලංගු කරන ලෙස ජගත් සංවිධානය ඉරානයෙන් ඉල්ලා තිබෙනවා.

හිජාබ් නීති උල්ලංඝනය කරන්නන්ට වසර 15ක් දක්වා සිර දඬුවම් හා දඩ මුදල් ඉහළ දැමීමට හැකියාව පවතින අතර මරණ දණ්ඩනය පැනවීම සඳහා විනිසුරුවරුන්ට හැකියාව හිමිවීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today