Latest News

ඉමාඩ් වසීම්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තාන තුන්ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.

නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරගයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වුණා.

ඒ දක්ෂතා හේතුවෙන් ඉමාඩ් වසීම් නැවතත් විස්සයි විස්ස තරග බිමිට පිවිසියා.

ඒ අනුව ඔහු විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කළා.

නමුත් මෙවර විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.

ඉමාඩ් වසීම් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ඒ අනුව ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117ක්.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ඉමාඩ් වසීම් සඳහන් කළේ දෙවන වරටත් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.

නමුත් ඉමාඩ් වසීම් තවදුරටත් දේශිය තරග සහ ලීග් තරග ක්‍රීඩා කරන බවත් සඳහන් වනවා.

World News

Send your contact Details Today