Latest News

ආසියානු බොක්සිං ශූරතාවලියේ දී පදක්කමකින් ලක්මව සැරසූ උමයංග පැමිණෙයි (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ පැවති ආසියානු බොක්සිං ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළ උමයංග මිහිරාන් ශ්‍රී ලංකාවට පැමිණියා.

එම තරගාවලියේ කිලෝ ග්‍රෑම් 51 බර පංතිය යටතේ තරග වදිමින් උමයංග මෙම පදක්කම ජයග්‍රහණය කළා.

පදුගිය නොවැම්බර් 28 වනදා සිට දෙසැම්බර් 11 වනදා දක්වා ආසියානු රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 210 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තායිලන්තයේ චෑන් මායි නුවර දී මෙම තරගාවලිය පැවැත්වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන උමයංග මිහිරාන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියා.

World News

Send your contact Details Today