Latest News

යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව ලබාදුන් මිසයිල භාවිතා කරමින් යුක්‍රේනය රුසියාවට ප්‍රහාර එල්ල කිරීම තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දෙවනවරටත් දිවුරුම් දීමෙන් අනතුරුව යුක්‍රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රතිපත්ති වෙනස්වීමකට ලක්වනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ.

රුසියාව අභ්‍යන්තරයට අමෙරිකාව ලබා දුන් මිසයිල යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ඒ හරහා රුසියාව හා යුක්‍රේනය අතර යුද ගැටුම් තීව්‍රර වී ඇති අතර තත්ත්වය වඩාත් භයානක අතට හැරී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

එය කිසිඳු ලෙසකින් සිදු වීමට ඉඩ ලබා දිය යුත්තක් නොවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.

එමෙන්ම රුසියා යුක්‍රේන යුද ගැටුම ඉතා ඉක්මනින් අවසන් කිරීමට තමා සතුව ඉතා හොඳ වැඩපිළිවෙලක් පවතින බවද ඔහු පවසනවා.

World News

Send your contact Details Today