Latest News

අවුරුදු 10ට වැඩි දරුවන් සිදු කරන වැරදිවලට, වැඩිහිටියන්ට දෙන දඬුවම ලබා දීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කරයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස අවුරුදු 10ට වැඩි සියලු දෙනා සිදු කරන වැරදිවලට දඬුවම් ලබා දීමේදී, වැඩිහිටියන්ට දෙන දඬුවම ලබා දීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඝාතනයන්, පහරදීම් හා සොරකම් වැනි අපරාධයන් වයස අවුරුදු 10ට වැඩි කුමන පුද්ගලයෙකු සිදු කළ ද වැඩිහිටියන්ට ලබා දෙන දඬුවම ලබා දීමට අවශ්‍ය නීති අනුමත කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පියවර ගත්තා.

යෞවන වයසේ පසුවන්නන් සිදුකරන අපරාධ සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවන දැඩි ප්‍රතිචාරයන් පාලනය කිරීමට නව නීති උපකාර වනු ඇති බවයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය විශ්වාසය පළ කරන්නේ.

කෙසේ වුවද දැඩි දඬුවම් හරහා තරුණ ප්‍රජාව අතර අපරාධයන් අඩු නොවන බවටත් එය තවත් උග්‍ර අතට හැරිය හැකි බවටත් විශේෂඥයින් අනතුරු අඟවනවා.

World News