ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අසනීප තත්වයක් හේතුවෙන් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වුණා.
ඒ අනුව චමීරගේ හිදැස පිරවීම සඳහා තවත් දකුණත් වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දු කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කට පමණක් ක්‍රීඩා කර ඇති අසිත එහිදී කඩුලු 2 ක් දවාගෙන ඇති අතර එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය සටහන් වන්නේ 56.50 ක් ලෙසයි.