Latest News

සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුපිරි ඉන්දීය නළු අල්ලු අර්ජුන් හයිද්‍රාබාද්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීට ඉහත (දෙසැම්බර් 4) වාර්තා වූ ‘Pushpa 2’ තිරගත වීම අතරතුර චිත්‍රපට ශාලාවක වූ තෙරපීමක් සම්බන්ධයෙන්.

එම තෙරපීමෙන් කාන්තාවක් මිය ගොස් ඇගේ 08 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

එහිදී ඇගේ පුත්‍රයා හුස්ම හිරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ චිත්‍රපටයේ විශේෂ දැක්ම සඳහා පැමිණි අල්ලු අර්ජුන්ව දැකබලා ගැනීමට එහි පැමිණි පිරිස රැස්වූ බවට වන චෝදනාව මතයි.

World News

Send your contact Details Today