Latest News

චීනය විසින් 5G ජාල ව්‍යාප්ත කිරීමේ ඉලක්ක සම්පූර්ණ කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” 5G ජාල ව්‍යාප්ත කිරීමේ සහ සංවර්ධන ඉලක්ක නියමිත කාලයට පෙර සම්පූර්ණ කර ඇති බව චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය Zhang Yunming මහතා එම සමුළුවේදී පැවසුවා.

රජයේ මධ්‍යස්ථාන, සංස්කෘතික සහ සංචාරක දර්ශනීය ස්ථාන සහ ප්‍රධාන ප්‍රවාහන මාර්ග වැනි ගමනාගමන ස්ථාන 5G ජාලයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර ග්‍රාමීය හා දුරස්ථ ප්‍රදේශවල අඛණ්ඩ ව්‍යාප්තිය පුළුල් කර ඇති බව ද එහිදී අනාවරණය වුණා.

5G තාක්ෂණය‍ 5G-A තාක්ෂණ මට්ටම දක්වා උසස් කිරීම ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කළ යුතු බවත් මූලික තාක්ෂණික පර්යේෂණ ශක්තිමත් කිරීමටත් චීනය අපේක්ෂා කරනවා.

5G-A තාක්ෂණය, 5.5G තාක්ෂණය ලෙසද හැඳින්වෙන අතර එය 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය දක්වා පරිවර්තනය කිරීමේ තාක්ෂණයකි. මේ වන විට චීනයේ ප්‍රධාන විදුලි සන්නිවේදන ක්‍රියාකරුවන් 5G-A ජාල රට පුරා ව්‍යාප්ත කිරීම අරඹා තිබීමත් විශේෂත්වයක්.

World News

Send your contact Details Today