Latest News

‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස ඉන්දීය යෞවනයෙක් අභිසෙස් ලබයි

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස ඉන්දීය යෞවනයෙක් අභිසෙස් ලබා තිබෙනවා.

ඔහු නමින්, ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju)

18 හැවිරිදි ගුකේෂ් ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ, වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමින්.

ඒ අනුව ඩිං ලිරන්ව 7.5 – 6.5 ක් ලෙස පරාජය කළ ගුකේෂ් දොමරජු, 18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගතවනු ඇති.

එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂීයි.

විදෙස් වාර්තාවන්ට අනුව ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන්, මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා යි. චීනයේ ඔහුට හිමි වන්නේ දෙවන ස්ථානය බව සඳහන්.

තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණා.

චෙස් හා සම්බන්ධ පවුල් පසුබිමකින් පැවත නොඑන ගුකේෂ් දොමරජු ඉන්දියාවේ චෙස් අගනුවර ලෙස හැඳින්වෙන චෙන්නායි නගරය නියෝජනය කරන ක්‍රීඩකයෙක් වනවා.

ඔහුගේ පියා ශල්‍ය වෛද්‍යවරයකු වන අතර මව වෛද්‍යවරියක සහ මහාචාර්යවරියක වන බව සඳහන්.

එවන් පවුල් පසුබිමක් සහිත ගුකේෂ්, කුඩා කළ පටන්ම චෙස් ක්‍රීඩාවට ලැදිව දස්කම් දක්වා ඇති අයෙක් බවයි වාර්තා වන්නේ.

ලද ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, සිය චෙස් ගමන ආරම්භ වූයේ වයස අවුරුදු හය හමාරේදී වන බවයි.

එමෙන්ම මෙම ජයග්‍රාගී මොහොත වසර 10 කට වැඩි කලක් තිස්සේ තමන් දුටු සිහිනයක් බවයි ඔහු සඳහන් කර තිබුණේ.

ඉන්දියාව ඉහළින් ඔසවා තබමින් ගුකේෂ් දොමරජු ලද මෙම ජයග්‍රහණයට සුබපැතූවන් අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද වූවා.

ඔහු X හි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, මෙම ජයග්‍රහණය වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ සහ නොසැලෙන අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් වන බවයි.

එමෙන්ම ලෝක ශූරතාව නැවත ඉන්දියාවට ගෙන ඒම සම්බන්ධයෙන් ආනන්ද් ද මෙලෙස සටහනක් තබා සුබපැතුම් එකතු කර තිබුණා.

World News