Latest News

ICC ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ක්‍රීඩකයින් 06ක් පළමු දස දෙනා අතරට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතර රැදී සිටිමට සමත්ව තිබෙනවා.

ඒ අනුව පන්දුවාර 20 පන්දු යවන්නන් අතර දෙවන ස්ථානයේ වනිඳු හසරංග රැදී සිටින අතර, එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ඔහු රැදී සිටින්නේ 4 වන ස්ථානයේදීයි.

මහීෂ් තීක්ෂණ පන්දුවාර 20 පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම, නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි එංගලන්තයේ හැරී බෲක් පළමු තැන සහ ජෝ රූට් දෙවන තැනට පත්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ කමිදු මෙන්ඩිස්ට හිමිව ඇත්තේ 06 වන ස්ථානයයි.

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වන ස්ථානයේ රැදී සිටිනවා.

පැතුම් නිශ්ශංක පන්දුවාර 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 09 වන ස්ථානයේ පසුවන අතර, කුසල් මෙන්ඩිස්ට එහි හිම ව ඇත්තේ 11 වන ස්ථානයයි.

World News

Send your contact Details Today