Latest News

යේමනයේ ගැටළුව සඳහා දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට චීනයෙන් ප්‍රකාශයක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන ලෙස චීනය ඉල්ලා සිටිනවා.

යේමනයේ තත්ත්වය පිළිබඳ ඊයේ (11) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී චීන නිත්‍ය උප නි‍යෝජිත Geng Shuang මහතා මේ බව පැවසුවා.

යේමනයේ ගැටළු විසඳීම සඳහා අදාළ දේශපාලන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කරන ලෙස හෙතෙම එහිදී යේමනයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ පා සිටින විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියා.

රතු මුහුදු කලාපය ආශ්‍රිතව යාත්‍රා කෙරෙන විවිධ රටවල වෙළඳ නෞකා වෙත හිරිහැර කිරීම නතර කොට, රතු මුහුද හරහා වැටී ඇති මුහුදු මාර්ගයන්හි ආරක්ෂාව පවත්වා ගන්නා ලෙස චීනය හූති සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටිනවා.

තත්ත්වය තවදුරටත් උත්සන්න නොකර, සංයමයෙන් කටයුතු කරන ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව ද Geng Shuang මහතා එහිදී කියා සිටියා.

යේමනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත්, යේමන ගැටළුව සඳහා අවසානයේ දේශපාලන විසඳුමක් ලබා දිය යුතු බවත් හෙතෙම එහිදී යළි අවධාරණය කළා.

World News