Latest News

ඊලෝන් මස්ක්ගෙන් වාර්තාවක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත්ව ඇති බව Bloomberg වෙඩ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු සතු සමාගමක් වන SpaceX හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එහි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, ටෙස්ලා සමාගමේ කොටස් ද පසුගිය බදාදා සිය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 447 දක්වා ඉහළ ගොස් ඇති බව Bloomberg Billionaires Index හි සඳහන්.

මස්ක්ගේ එක් දිනක වත්කම් වර්ධනය ඩොලර් බිලියන 62.8 ක් වන අතර, එය වාර්තාගත ඉහළම අගයක් බව ද සඳහන්.

තවද, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ වත්කම් එකතුව ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ඇති බව පවසන එම වෙබ් අඩවිය, එම ප්‍රමාණය 2023 වර්ෂයේ ජර්මනිය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඒකාබද්ධ දළ දේශීය නිෂ්පාදනයට සමාන බවයි සඳහන් කර ඇත්තේ.

World News