Latest News

සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, ඩාෆූර් වැසියන් රැසක් මිය යයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර් හි 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඩාර්ෆූර් හි බටහිර කලාපයේ වෙළඳපොළකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ලොව විශාලතම මානුෂීය අර්බුදය ලෙසයි සුඩාන ගැටුම් සැලකෙන්නේ.

මාස 19ක කාලයක් පැවති යුද ගැටුම් හේතුවෙන් මිලියන 11 කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.

ජනතාව වෙළඳපොල වෙත පැමිණි දිනයේදීම මෙම ප්‍රහාරය එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බවයි නීතිවේදීන් පවසන්නේ.

මේ අතර පසුගිය දින දෙකේදීම ප්‍රහාර වලින් මිය ගිය සුඩාන වැසියන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ගතවූ ගැටුම් සහිත කාල පරිච්චේදයේදී පමණක් මියගිය සංඛ්‍යාව 60,000කට අධිකයි.

World News

Send your contact Details Today