Latest News

ගාසා රෝහලේ රෝගීන් කුසගින්නෙන් මිය යාමේ අවදානමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා රෝහලේ නේවාසික රෝගීන් 60 දෙනෙකු කුසගින්නෙන් මිය යාමේ අවදානමක් පවතින බව බලධාරීන් පවසනවා.

ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ ආහාර, ජලය නොමැතිකම හේතුවෙන් රෝගීන් මිය යා හැකි බවයි.

එහි රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා ජගත් ආරක්ෂක කවුන්සිලයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා.

උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේයි මෙම තත්ත්වය බහුලව දැකගත හැකි වන්නේ.

තුවාල ලැබූ රෝගීන් විශාල පිරිසකට ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ඔවුන් මිය යාමේ අවදානමක් පවතිනවා.

මේ අතර ගාසා තීරයේ සමූල ඝාතනයකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් තවත් 54 දෙනෙකු තුවාල ලබා සිටිනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 44,786 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today