Latest News

Amazon සමාගම පළමු වතාවට Online වාහන අළෙවිය අරඹයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ සියල්ල විකුණන වෙළඳසැලක් ලෙස තමන් හඳුන්වා ගන්නා Amazon සමාගම එසේ කියන නමුත්, තවමත් සර්වග්‍රාහී නොවූ වෙළඳපොළවල් තිබෙනවා.

ඉන් එකක් වන්නේ වාහන අළෙවියයි.

පසුගිය සඳුදා දින මෙම ඊ-කොමර්ස් යෝධයා ‘ඇමසන් ඔටෝස්’ දියත් කළා.

මෙය ඔවුන්ගේ ව්‍යාපාරයේ නව අංශයක් වන අතර එමගින් විවිධ රථ වාහන ආයතන වලින් මෝටර් රථ මිලදී ගැනීමට ඉඩ සලසනවා.

ආරම්භයේදී, ඔවුන් Hyundai රථ පමණක් මිලදී ගත හැකි ලෙස ගිවිසුමකට එළඹ ඇති අතර වෙළෙඳපොළ ආරංචි පවස්නේ Amazon එක් සන්නාමයකට පමණක් සීමා නොවනු ඇති බවයි.

ගතවූ කාලය තුළ එක්සත් ජනපද මෝටර් රථ ආයතන දුෂ්කර වසරක් ගත කර තිබෙනවා.

ඒ අනුව ඉල්ලුම අඩු වීම හේතුවෙන් ගිම්හානයේදී බොහෝ නිෂ්පාදකයින් සහ ඩීලර්වරුන් මිල අඩු කිරීමට පෙළඹුණු අතර ඊට අමතරව සයිබර් ප්‍රහාරයක් දහස් ගණනක් ඩීලර්වරුන්ට බලපෑවා.

ඇන්ඩර්සන් ආර්ථික වාර්තාව අනුව කර්මාන්තයට ඩොලර් බිලියන 1කට වැඩි පාඩුවක් සිදු ව තිබෙනවා.

වසංගත සමයේදී මාර්ගගතව මෝටර් රථ මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණද, එම ප්‍රවණතාව එතරම් පවත්වා ගැනීමට නොහැකි වී ඇත්තේ අන්තර්ජාලය හරහා පමණක් මෝටර් රථ විකුණන සමාගම්වලට එන්ජින් ගැටලු ඇතුලු විවිධ ප්‍රශ්න ඇති වී තිබුණ නිසායි.

Amazon මේ අවස්ථාවේ පැමිණියේ ඒ සියල්ල දැනගෙනයි.

පසුගිය වසරේ සිටම සමාගම මෝටර් රථ පිළිබඳව උනන්දුවක් දක්වන බව පෙන්නුම් කළ බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබෙනවා.

Amazon සිය සම්ප්‍රදායට අනුව, වෙළඳපොළ ආකෘතිය අනුගමනය කරමින්, මෝටර් රථ මිලදී ගැනීම හා විකිණීම වෙනුවට Hyundai සමාගමට තම වේදිකාව හරහා මෝටර් රථ විකිණීමට ඉඩ සලසනවා.

මෙම නව සේවාවේ විශේෂත්වය වන්නේ ඇමසන් විසින් අපේක්ෂිත ගැනුම්කරුවන්ට සියලු මූල්‍ය ලේඛන මාර්ගගතව සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීමයි.

මාර්ගගත ආකෘතියක් සමඟ සාර්ථකත්වයක් ලැබූ එක් මෝටර් රථ නිෂ්පාදකයෙක් නම් ටෙස්ලායි.

මෙම විද්‍යුත් වාහන යෝධයා සෑම විටම සෘජු විකුණුම් ප්‍රවේශයක් අනුගමනය කර ඇති අතර එසේ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් කර තිබෙනවා.

පාරිභෝගිකයාට සෘජුව මෝටර් රථ විකිණීම තහනම් කරන අමරිකානු ප්‍රාන්ත ඔවුනගේ නීති අභියෝගයට ලක් කර තිබුණා.

World News

Send your contact Details Today