Latest News

දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම අඩු කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබෙන බව සඳහන්.

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

පසුව ඒ පිළිබදව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිදුකළ පරීක්ෂණයේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තහවුරු වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වල්ලට පසුගිය සැප්තැම්බර් මාසයේදී වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළා.

World News

Send your contact Details Today