Latest News

චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රික⁣ට් කණ්ඩා⁣යමේ නායිකා චමරි අතපත්තු නවතම ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි දෙවැනි තැනට පත්ව තිබෙනවා.

එහි තුන්වැනි ස්ථානයේ සිටි චමරි එක් පියවරක් ඉදිරියට පැමිණ එලෙස දෙවැනි තැනට පත්ව ඇති අතර, දකුණු අප්‍රිකානු කාන්තා පිළේ Laura wolvaardt පෙරමුණේ පසුවනවා.

ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පළමු තැන සිටි එංගලන්තයයේ Nat sciver- bruntට එම ශ්‍රේණිගතකිරීම් හි තුන්වැනි තැන හිමිව තිබෙනවා.

එමෙන්ම, කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ තුන්ඉරියව් ක්‍රීඩිකාවන් අතර තවදුරටත් චමරි අතපත්තු 08 වැනි තැන රැඳි සිටිනවා.

World News

Send your contact Details Today