Latest News

Women’s T20 Asia Cup: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අපරාජිතව ඉදිරියට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා පිල සහ තායිලන්ත කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයෙ (24 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 11.3 ක් අවසානයේ කිසිවකු නොදැවී ඉලක්කය සපුරාගත්තා.

නායිකා චමරි අතපත්තු පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 49 ක්ද, විෂ්මි ගුණරත්න පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 39 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි. තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ නායිකා නානාපත් කොචරොඑන්කායි පන්දු 53 කින් නොදැවී ලකුණු 47 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගින්.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත් අතර තායිලන්ත කාන්තා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් ඉනෝෂි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු, අචිනි කුලසූරිය සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවාගත්තා.

තායිලන්තය කාන්තා පිල – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 93
(නානාපත් කොචරොඑන්කායි නොදැවී 47, කවීෂා දිල්හාරි 13/2)

ශ්‍රී ලංකා කාන්තා පිල – ඕවර 11.3 කදී කිසිවකු නොදැවී 94
(විෂ්මි ගුණරත්න නොදැවී 39, චමරි අතපත්තු නොදැවී 49)

World News

Send your contact Details Today