Latest News

ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන්, සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලය විසින් සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක අවි නිෂ්පාදන කම්හල් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

සිරියාවේ භාරකාර අගමැති මොහොමඩ් අල්-බෂීර් පවසන්නේ සිරියානුවන්ට ස්ථාවරත්වය සහ සන්සුන් වීම අවශ්‍ය බවත්, රාජ්‍ය සේවා සහ ආයතන යළි පිහිටුවීම සඳහා අල්-අසාද්ගේ පාලන තන්ත්‍රයේ නිලධාරීන් සමඟ කටයුතු කරන බවයි.

වසර 14ක යුද්ධයෙන් පසු සිරියානුවන් වෙහෙසට පත්ව සිටින බවයි සිරියා කැරලි කණ්ඩායම වන අල්-ජුලානි ලෙස හැඳින්වෙන හයාත් ටරිර් අල්-ෂාම් හි නායක අහමඩ් අල්ෂාරා පවසන්නේ.

සිරියාව නැවත ගොඩනගන බවට ඔහු පොරොන්දු වී තිබෙනවා.

World News

Send your contact Details Today